ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් සංචිත වත්කම් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් වන විට එය ඩොලර් මිලියන 6,825 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
පසුගිය නොවැම්බරයට සාපේක්ෂව මෙය 13.1%ක ඉහළ යාමක් ලෙසයි පෙනී යන්නේ.
විදේශ විනිමය සංචිතයත් මෙයට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.
එය ඩොලර් මිලියන 5,944 සිට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3%කින් ඉහළ යාමක් ලෙසයි මහබැංකු දත්ත පෙන්වා දෙන්නේ.