Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක්

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති නිවේදනයට අනුව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි දැනුම් දී ඇත්තේ.

ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බැවින් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

World News

Send your contact Details Today