පැරිස් ඔලිම්පික් උළෙලේදී වඩාත් කතාබහට ලක්වූ රිටි පැනීමෙන් වාර්තා පිට වාර්තා තැබූ පෝලන්ත ක්රීඩක ‘Armand Duplantis’ පිළිබඳ යළි කතා බහක් ඇතිව තිබෙනවා.
ඒ, පැරිස් ඔලිම්පික් උළෙල නිමාවට පත්ව සති 3කට පසු Silesia Diamond League හිදී ‘Armand Duplantis’ නැවතත් ඔහුගේම රිටි පැනීමේ ලෝක වාර්තාව බිඳ දැමීමත් සමගයි.
ඒ අනුව 24 හැවිරිදි Armand Duplantis ක්රීඩකයා Diamond League තරගාවලිය අතරතුර ඔහුගේම වාර්තාවක් වන මීටර 6.25ක අභිබවා යමින් මෙලෙස නව ලෝක වාර්තාවක් තැබීමට සමත්වීම විශේෂත්වයක්.
පෙර රිටි පැනීමේ වාර්තාව මේ මස මුල පැරිස් ඔලිම්පික් උළෙලේදී තැබු අතර අනතුරුව ඔහු විසින්ම එය මෙලෙස බිඳ දැමුවේ 10 වන වරටයි.
මෙහි දෙවන ස්ථානය අමෙරිකානු ක්රීඩක Sam Kendricks සහ ග්රීසියේ Emmanouil Karalis හිමිකරගත්තා.
එම ක්රීඩක ක්රීඩිකාවන් දෙදෙනාද මීටර් 6.00ක පිම්මක් ලබා ගත් අතර Kendricks රිටි පැනීමෙන් දැක්වූ හොඳම දක්ෂතාව ද එයයි.
එමෙන්ම Emmanouil ඔහුගේ පිම්මෙන් ග්රීසියේ ජාතික වාර්තාව ද බිඳ දමනු ලැබුවා.
Diamond League තරගාවලිය පැවැත්වුණේ පෝලන්තයේ Chorzow හිදීයි.