Latest News

සංගා සම කිරීමට ස්මිත් සැරසෙයි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අළු බඳුන ක්‍රිකට් තර­ගා­ව­ලියේ 5 වැනි සහ අව­සන් ටෙස්ට් තර­ග­යේදී නොදැ­වුණු ශත­ක­යක් රැස් කර­මින් ඔස්ට්‍රේ­ලි­යානු පිල ප්‍රබල තත්ව­ය­කට ගෙන­යෑ­මට නායක ස්ටීව් ස්මිත් සමත් විය.

සිය ටෙස්ට් දිවියේ 37 වැනි ශත­කය වාර්තා කිරී­මට සමත් වූ ස්මිත් තර­ගයේ තෙවැනි දිනය නිමා වන විට පන්දු 205කදී හතරේ පහර 15ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 129ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යේය.

මේ ශත­කය සමඟ ලෝක ටෙස්ට් ශත­ක­ලා­භීන්ගේ ලැයි­ස්තුවේ 7 වැනි ස්ථාන­යට පත් වූ අතර, ඔහු ශ්‍රී ලංකා හිටපු සුපිරි පිති­කරු කුමාර් සංග­ක්කාර සම කිරීමට රැස් කළ යුතුව ඇත්තේ තවත් එක් ශත­ක­යක් පමණි.

සංග­ක්කාර තරග 134කදී ශතක 38ක් රැස් කර ඇති අතර, ස්මිත් 37 වැනි ශත­කය රැස් කළේ 123 වැනි තර­ග­යේ­දීය.

මේ ශත­ක­යත් සමඟ ඔස්ට්‍රේ­ලි­යානු පිල තෙවැනි දිනය නිමා වන විට පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 518ක් රැස් කර තිබිණි.

එංග­ලන්ත පළමු ඉනිම ලකුණු 384කට දැවී ගිය අතර, ඒ අනුව කඩුලු 3ක් අතැ­තිව සිටින ඔස්ට්‍රේ­ලි­යාව ලකුණු 134ක් ඉදි­රි­යෙන් සිටියි.

ස්මිත් සමඟ නොදැවී කඩුල්ලේ රැඳී සිටින බියු වෙබ්ස්ටර් ලකුණු 42ක් ලබා සිටි අතර, ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් ට්‍රෙවිස් හෙඩ් ලකුණු 163ක් රැස් කළේ පන්දු 166කදී හතරේ පහර 24ක් සහ හයේ පහ­රක් ද සම­ඟිනි.

World News

Send your contact Details Today