තලේබාන් සැමවිටම ස්වාධීනව තීරණ ගන්නා බවත් පාකිස්තානය මත යැපීමට අපේක්ෂා නොකරන බව එම සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තලේබාන් සංවිධානය සහ ඔවුන්ගේ පාලනය කිසිවිටෙකත් පාකිස්තානය මත රඳා නොපවතින බව එම සංවිධානය පවසයි.
නැවත බලයට පත්වීමෙන් පසු තලේබාන් සංවිධානය පාකිස්තානයේ කැමැත්තට අනුකූලව පාලනය කරනු ඇතැයි පාකිස්තාන හමුදාව අපේක්ෂා කළ බවද ඔහු පවසා තිබේ.
පාකිස්තානය තලේබාන් පාලනය කිරීමට සිහින දකින බව පැවසූ ඔහු එය වහාම නතර කරන ලෙසට ද පාකිස්තානයෙන් ඉල්ලා ඇත.