පාකිස්තානය විසින් ලිබියාවේ ජාතික හමුදාව සමඟ ඇතිකරගත් අමෙරිකානු ඩොලර් බිලියන 4කට වැඩි වටිනාකමකින් යුතු ආයුධ ගනුදෙනුව, එක්සත් ජාතීන්ගේ අවිආයුධ අලෙවිය සම්බන්ධ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය.
එය නීතිවිරෝධී ආයුධ ගනුදෙනුවක් පමණක් නොව මධ්‍යධරණී මුහුදේ සිට යුරෝපයට සහ ඉන් ඔබ්බට ව්‍යාප්ත වන අනතුරු ඇඟවීමක් සහිත ගැඹුරු උපායමාර්ගික ගනුදෙනුවක් බව ද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
එම ගනුදෙනුවට චීනයේ චෙංග්ඩු ගුවන්යානා සමාගම සහ පාකිස්තාන ගුවන්යානා නිෂ්පාදන සංකීර්ණය එක්ව නිපදවනු ලැබූ ‘ජේ.එෆ්.17 තන්ඩර්’ නමැති තනි එන්ජිම සහිත ප්‍රහාරක ජෙට් යානා ඇතුළත් වී ඇති බවත්, එය පාකිස්තානය හරහා අලෙවි කිරීමෙන් චීනයේ සෘජු ආයුධ වෙළෙඳාමේදී සිදුවන නියාමන පරික්ෂාව මඟ හැරී ඇති බවත් චීන හමුදා විශ්ලේෂකයකු වන සොං සොංග්පින් ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්‘ පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය සඳහන් කරයි.