Latest News

වෙනිසියුලාවට අත තැබූ අමෙරිකාව, ග්‍රීන්ලන්තයටත් අත තැබීමට සූදානම්

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කරන බව විදෙස් මාධ්‍ය අද උදෑසන වන විට වාර්තා කළේය.

ඒ අනුව ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා ඇති ‍විකල්ප පරාසයක් පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා කරමින් සිටින බවද එම වාර්තා පවසයි.

එහි වඩාත් වැදගත්ම කොටස වන්නේ එම විකල්ප පරාසය තුළ හමුදා භාවිතයක් ද ඇතුළත් බවට ධවල මන්දිරය ප්‍රකාශ කර තිබීමයි.

නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පැවසුවේ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ”‍ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක්”‍ බවයි.

ග්‍රීන්ලන්තය යනු නේටෝ සාමාජික රටක් වන ඩෙන්මාර්කයේ අර්ධ ස්වයං පාලන කලාපයක්.

එහෙත් ආරක්ෂක හේතූන් මත අමෙරිකාවට ග්‍රීන්ලන්තය අවශ්‍ය‍ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සති අන්තයේ පැවසීය.

ඒ අනුව යුරෝපීය නායකයින් ඩෙන්මාර්කය වෙනුවෙන් පෙළ ගැසී පැය කිහිපයකට පසුවයි ධවල මන්දිරය මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය නිකුත් කළේ.

ග්‍රීන්ලන්තය, එහි ජනතාවට අයත් වන අතර, ඔවුන්ගේ සබඳතා පිළිබඳ කරුණු තීරණය කළ හැක්කේ ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය පමණක් බවයි‍ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය යන රටවල නායකයින් මේ වන විට පවසා ඇත්තේ.

වෙනිසියුලාවේ අමෙරිකානු හමුදා මැදිහත්වීමෙන් පසුව ග්‍රීන්ලන්තයේ අනාගතය පිළිබඳ ගැටළුව නැවත මතුවිය.

මේ අතරතුර ට්‍රම්ප් පරිපාලනය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කිරීමට සැලසුම් නොකළ බවත්, ඩෙන්මාර්කයෙන් දූපත මිලදී ගැනීමට අවශ්‍ය බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇති බවටයි දැන් වාර්තා වන්නේ.

නව වෙළඳ මාර්ග සඳහා ඇති හැකියාව සහ දුර්ලභ පස් නිධි ඇති බැවින් ග්‍රීන්ලන්තය කෙරෙහි රුසියාව සහ චීනයද ඉහළ උනන්දුවකින් පසුවෙයි.

57,000 ක ජනගහනයක් සිටින ග්‍රීන්ලන්තය, 1979 සිට පුළුල් ස්වයං පාලනයක් පවත්වාගෙන ගියද, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති ඩෙන්මාර්කය සතුව පවතියි.

World News

Send your contact Details Today