Latest News

ඉදිරි පැය 12 තුළ ශ්‍රී ලංකාවේ කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) උදෑසන නිකුත් කළ කාලගුණ වාර්තාවේ අනතුරු අඟවා තිබේ.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ලගාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ සඳහන්.

මෙහි බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවද එම කාලගුණ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

තවද අද දිනයේ දී උතුරු පළාතෙත්, අනුරාධපුර, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතියි.

ඊට අමතරව සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

World News

Send your contact Details Today