Latest News

වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව යළි මව් රටට යන බව කියයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමන් හැකි ඉක්මණින්ත තම මවු රට වන වෙනිසියුලාව බලා යන බව විපක්ෂ නායිකා මරීයා කොරීනා මචාඩෝ පවසයි.

පසුගිය 2025 වසරේ නොබෙල් සාම තයාගයෙන් පිදුම් ලැබුවේ ද මැයයි.

මරීයා, වෙනිසියුලාවෙන් පිටවී විදේශවල ජීවත් වන්නේ ඇයට වෙනිසියුලා ජනාධිපති මදුරෝගේ රජයෙන් ජීවිත තර්ජන එල්ල වී තිබුණු බැවිනි.

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ ඇමෙරිකාවේ අත්අඩංගුවට පත්වීමත් සමඟ තමන් හැකි ඉක්මනින් වෙනිසියුලාවට පැමිණෙන බව මරීයා පැහැදිලි කළේ ඇමෙරිකාවේ ෆොක්ස් නාළිකාව සමඟ එක් වෙමිනි.

‘මා ජනාධිපති ට්‍රම්ප්ට ඇමතුමක් දුන්නේ, මට නොබෙල් සාම ත්‍යාගව හිමිවන බව නිවේදනය කෙරුණු අවස්ථාවේ. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනිදායි. ඉන්පසු මා ට්‍රම්ප් සමඟ කතාබහ කරලා නැහැ. මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට ට්‍රම්ප් කටයුතු කිරීම ගැන මා සතුටු වෙනවා’ යැයි මරීයා වැඩි දුරටත් පවසා ඇත.

World News

Send your contact Details Today