ගතවූ වසර 5 ඇතුළත බංග්ලාදේශයේ විදෙස් ණය 42% කින් ඉහළ ගොස් තිබෙන බව ලෝක බැංකුවේ ජාත්‍යන්තර ණය වාර්තාවෙන් හෙළි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 2024 අවසන් වනවිට බංග්ලාදේශයේ විදෙස් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 104,487ක් බවත්, එය 2010 වසරේදී ඩොලර් බිලියන 26ක් ලෙස පැවති බවත් ලෝක බැංකුව විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ 2025 ජාත්‍යන්තර ණය වාර්තාවේ සඳහන් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
එම වාර්තාවට අනුව වසර 2020 වනවිට ඩොලර් බිලියන 73, 551 දක්වා ඉහළ ගිය බංග්ලාදේශයේ විදේශ ණය ප්‍රමාණය 2021 අවසන් වනවිට වසරක් ඇතුළත ඩොලර් බිලියන 18කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යෑම කැපී පෙනෙන වර්ධනයක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ අවාමි රජය බිඳ වැටුණු 2024 වසර අවසානය වනවිට එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 101 දක්වා ඉහළ ගොස් තිබූ බවත්, අන්තර්වාර රජය යටතේ ගතවූ වසරේදී ඩොලර් බිලියන 3කින් වර්ධනය වූ බවත් ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලැබූ ජාත්‍යන්තර ණය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.