Latest News

බංග්ලාදේශයේ විදෙස් ණය නොසිතූ ලෙස ඉහළට

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගතවූ වසර 5 ඇතු­ළත බංග්ලා­දේ­ශයේ විදෙස් ණය 42% කින් ඉහළ ගොස් තිබෙන බව ලෝක බැංකුවේ ජාත්‍ය­න්තර ණය වාර්තා­වෙන් හෙළි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 2024 අව­සන් වන­විට බංග්ලා­දේ­ශයේ විදෙස් ණය ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 104,487ක් බවත්, එය 2010 වස­රේදී ඩොලර් බිලි­යන 26ක් ලෙස පැවති බවත් ලෝක බැංකුව විසින් පසු­ගි­යදා නිකුත් කරනු ලැබූ 2025 ජාත්‍ය­න්තර ණය වාර්තාවේ සඳ­හන් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරන්නේ.

එම වාර්තා­වට අනුව වසර 2020 වන­විට ඩොලර් බිලි­යන 73, 551 දක්වා ඉහළ ගිය බංග්ලා­දේ­ශයේ විදේශ ණය ප්‍රමා­ණය 2021 අව­සන් වන­විට වස­රක් ඇතු­ළත ඩොලර් බිලි­යන 18කට ආසන්න ප්‍රමා­ණ­ය­කින් ඉහළ යෑම කැපී පෙනෙන වර්ධ­න­යක් බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසී­නාගේ අවාමි රජය බිඳ වැටුණු 2024 වසර අව­සා­නය වන­විට එම ණය ප්‍රමා­ණය ඩොලර් බිලි­යන 101 දක්වා ඉහළ ගොස් තිබූ බවත්, අන්ත­ර්වාර රජය යටතේ ගතවූ වස­රේදී ඩොලර් බිලි­යන 3කින් වර්ධ­නය වූ බවත් ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලැබූ ජාත්‍ය­න්තර ණය වාර්තාවේ වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

World News

Send your contact Details Today