Latest News

මදුරෝ අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු, වෙනිසියුලා ජනපති මන්දිරය අසල වෙඩි තැබීමක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලා ජනපති මන්දිරය අසල වෙඩි තැබීමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි මිරාෆ්ලෝරස් ජනාධිපති මන්දිරයට ඉහළින් හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ ඊට ප්‍රතිචාර වශයෙන් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙන බව සඳහන්.

අමෙරිකානු හමුදා විසින් සිදු කරන ලද හමුදා වැටලීමකදී ජනාධිපතිව සිටි නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු, මෙම වෙඩි තැබීම් වාර්තා වූයේ උප ජනාධිපති සහ ඛනිජතෙල් අමාත්‍ය ඩෙල්සි රොඩ්රිගස් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුවයි.

රජයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැනට තත්ත්වය පාලනය කර ඇති බවයි.

එරට වේලාවෙන් රාත්‍රී 8:00 ට පමණ මෙම හඳුනා නොගත් ඩ්‍රෝන යානා මාලිගාවට ඉහළින් පියාසර කර තිබුණි.

මේ අතර, සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝ දර්ශනවල අහසට එල්ල කරන ලද දීප්තිමත් උණ්ඩ ලෙස දැකගත හැකියි.

එම වීඩියෝ දර්ශන මගින් වෙඩි තැබීමෙන් පසු ආරක්ෂක අංශ සාමාජිකයන් විශාල පිරිසක් මාලිගාව දෙසට වේගයෙන් යන අයුරු ද පෙන්නුම් කරයි.

World News

Send your contact Details Today