එක්සත් ජනපද ජනාධිපති Donald Trump පරිපාලනය, “බටහිර අර්ධගෝලය” පිළිබඳ තම ආධිපත්‍යය යළිත් දැඩි ලෙස අවධාරණය කරමින් ලෝකයට නව පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඒ අද උදෑසන X සමාජ මාධ්‍යයට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ට්‍රම්ප්ගේ කළු සුදු ඡායාරූපයක් පළ කරමින්.
ඒ අනුව “මෙය අපගේ අර්ධගෝලයයි. ජනාධිපති ට්‍රම්ප් අපගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් වීඉමට ඉඩ නොදෙනු ඇත” යනුවෙන් එහි සඳහන් කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප් දිගු කලක් තිස්සේ චෝදනා කර ඇත්තේ, මධුරෝ පාලනය “මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන්” සමඟ එක්ව එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවයි.
ඒ අනුව, පසුගිය වසරේ කලාපය තුළ එක්සත් ජනපද හමුදා බලය ද වැඩි කර තිබුණි.
මේ අතර, රාජ්‍ය ලේකම් Marco Rubio කියා සිටියේ, මධුරෝ ඉවත් කිරීමෙන් ඉරානය සහ හිස්බුල්ලා වැනි සතුරු බලවේග වෙනිසියුලාව තුළ ක්‍රියාත්මක වීම වැළැක්විය හැකි බවයි.
මධුරෝ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ට්‍රම්ප් පරිපාලනය කොලොම්බියාව, කියුබාව, මෙක්සිකෝව සහ ග්‍රීන්ලන්තය වැනි අසල්වැසි රටවල් පිළිබඳව ද දැඩි අදහස් පළ කර තිබේ.
කොලොම්බියානු ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීම්, කියුබානු රජය බිඳ වැටෙනු ඇති බවට කළ ප්‍රකාශ සහ මෙක්සිකෝව තුළ මිලිටරි ක්‍රියාමාර්ග ගැන සඳහන් කිරීම ඒ අතර වේ.
මෙය වසර 200කට පෙර ජනාධිපති James Monroe විසින් හඳුන්වා දුන් මොන්රෝ මූලධර්මයට නව යොමු කිරීමක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
