වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය ලෙස එරට උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් අද (06) අලුයම දිවුරුම් දී තිබේ.
ඒ, වෙනිසියුලාවේ ජාතික සභාවේ සභාපතිවරයා සහ ඇගේ සහෝදරයා වන ජෝර්ජ් රොඩ්රිගස් ඉදිරියේයි.
56 හැවිරිදි ඩෙල්සි රොඩ්රිගස් මදුරෝගේ සමීපතමයෙකු වන අතර ඇය 2018 වසරේ සිට වෙනිසුවෙලාවේ උප ජනාධිපති ධුරයේ කටයුතු කළාය.
ඇය එරට වත්මන් ඛනිජ තෙල් අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරන අතර මීට පෙර මුදල් සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරවල ද සේවය කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.
මේ අතර ඊයේ (05) දිනයේ දී නිකොලස් මධුරෝ හා ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් අධිකරණයට ඉදිරිපත් කළහ.
එහිදී මධුරෝ කියාසිටියේ තමා තවමත් වෙනිසියුලා ජනාධිපතිවරයා වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම් හා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තමන්ට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
