2035 වනවිට ඉන්දියානු ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.7ක් පමණ එකතු කළ හැකි බව එරට රජයේ ඇස්තමේන්තු කර තිබේ.
ඒ ඉදිරි දශකය තුළ රටේ ප්‍රබලතම මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය (AI) ස්ථානගත කරමින්.
ඒ අනුව ඉන්දියාව විසින් පරිගණක යටිතල පහසුකම් ගොඩනැගීම, ආරම්භක ව්‍යාපාර සඳහා සහායවීම, දේශීය AI ආකෘති සංවර්ධනය කිරීම සහ කුසලතා වැඩසටහන් පුළුල් කිරීම සඳහා වසර පහක් පුරා රුපියල් කෝටි 10,300 කට වඩා වෙන් කර ඇති IndiaAI මෙහෙයුම වැනි ආයෝජන හේතුවෙන් මෙම ප්‍රතිඵල ළඟා කරගත හැකි වෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
සෞඛ්‍ය සේවා, කෘෂිකර්මාන්තය, නිෂ්පාදන, මූල්‍ය සේවා, අධ්‍යාපනය, පාලනය සහ දේශගුණික ඇතුළු අංශ හරහා AI භාවිතය ආර්ථික බලපෑමට හේතුවනු ඇති අතර, එහිදී ස්වයංක්‍රීයකරණය සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම දැනටමත් ඵලදායිතාව සහ සේවා සැපයීම වැඩිදියුණු කර ඇති බවද සඳහන් කරයි.