Latest News

ෂාරුක් ඛාන් ද්‍රෝහියෙක් බවට චෝදනා එල්ල වෙයි

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුපිරි බොලි­වුඩ් සුපිරි නලු ෂාරුක් ඛාන් ඉන්දි­යාවේ ‘ද්‍රෝහි­යෙකු’ බවට දෝෂා­රෝ­පණ එල්ල වෙමින් පවතී.

ඒ ඉන්දීය රුපි­යල් කෝටි 9.2කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 31කට) කොල්කටා නයිට් රයි­ඩර්ස් පිල බංග්ලා­දේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තා­ෆි­සුර් රහ්මාන් මිලදී ගැනී­මත් සමඟයි.

ඒ අනුව බංග්ලා­දේ­ශය තුළ හින්දු භක්ති­ක­යන්ට එරෙ­හිව ම්ලේච්ඡ ක්‍රියා සිදු­වෙද්දී, බංග්ලා­දේශ ක්‍රිකට් ක්‍රීඩ­ක­යාට විශාල මුද­ලක් ගෙවා පත්වී­මක් දීම හේතුවෙන් හින්දු ආධ්‍යා­ත්මික නාය­ක­යන් හා ඇතැම් දේශ­පා­ලන නාය­ක­යන් මෙලෙස ෂාරුක් ඛාන්ට බැණ තර්ජ­නය කිරී­මට පිය­වර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

තවද ම්ලේච්ඡ ක්‍රියා හේතු­වෙන් ඝාත­න­යට ලක් වූ හින්දු දරු­වන්ගේ පවු­ල්ව­ලට මුස්තා­ෆි­සුර්ට ගෙවී­මට සූදා­නම් වූ රුපි­යල් කෝටි 9.2ක ගාස්තුව ගෙවන ලෙස හින්දු ආධ්‍යා­ත්මික නාය­ක­යකු වන දේව්කි­න­න්දන් තාකූර් මහතා ෂාරුක් ඛාන්ගෙන් ඉල්ලා සිට තිබේ.

එමෙන්ම භාර­තීය ජනතා පක්ෂ නායක සංගීත් සෝම් විසින් ද ෂාරුක් ඛාන් ප්‍රසි­ද්ධි­යේම වි‍වේච­නය කර තිබෙන බව ද සඳහන්.

කෙසේ වුවද මිලදී ගත් වමත් වේග පන්දු යවන්නා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ නියෝ­ගය මත ෂාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයි­ඩර්ස් කණ්ඩායමෙන් ඉව­ත්කොට ඇති අතර, ඒ වෙනු­වෙන් වෙනත් ක්‍රීඩ­ක­යකු බඳවා ගන්නා ලෙස පාලක මණ්ඩ­ලය දැනුම්දී තිබේ.

මේ අතර, බංග්ලා­දේ­ශය ඉන්දි­යා­වට එරෙ­හිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඩකා­හිදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

ඉන්දීය ක්‍රිකට් මණ්ඩ­ලය රජයේ අනු­මැ­තිය බලා­පො­රො­ත්තු­වෙන් සිටින බැවින් තරග සංචා­රය පිළි­බඳ අවි­නි­ශ්චිත තත්ත්ව­යක් ද මතුව ඇත.

World News

Send your contact Details Today