එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
ඒ වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව මෙම හමුව එරට වේලාවෙන් අද (05) පෙරවරු 10ට පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් ඊට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.