Latest News

ඉන්දීය හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට එන බව කියයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා ලබන ජනවාරි 07 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊයේ (04) නිවේදනය කර තිබේ.

ඒ අනුව දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ජෙනරාල් ද්විවේදි මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් හමුවීමට නියමිතයි.

එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන්.

එමෙන්ම මෙම සංචාරය අතරතුර දී ඉන්දීය හමුදාපතිවරයා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නිලධාරීන් හමුවීමටත්, බුත්තල හමුදා යුද විද්‍යාලයේ නිලධාරීන් සහ පුහුණුවන්නන් හමුවීමටද නියමිතයි.

තවද කොළඹ පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දැක්වීමටද ඉන්දීය යුද හමුදාපතිවරයා සැලසුම්කර තිබේ.

World News

Send your contact Details Today