මේ වසරේ පළමු දින දෙක තුළ ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 581ක් වාර්තා වී තිබේ.
ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ.
පසුගිය කාලයේ පැවති වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ඇය සඳහන් කළාය.