Latest News

වෙනිසියුලානු ජනපති සහ බිරිඳ, නිව්යෝර්ක් නුවර ගෙනවිත් තිබෙන තැන මෙන්න

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු හමුදා භාරයේ සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ බිරිඳ සිලියා ෆොරස්, නිව්යෝර්ක් නුවරට රැගෙනවිත් තිබේ.

ඒ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව USS IWO JIMA නෞකාවේය.

ඉන් අනතුරුව, අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින්, නිව්යෝර්ක් නුවර ස්ටුවර්ට් එයාර් ජාතික ආරක්ෂක කඳවුරට ඔවුන් රැගෙන එන ලදි.

ඒ අනුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත.

මත්ද්‍රව්‍ය සහ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනා මත ලබන සතියේ ඔවුන් මෑන්හැට්න් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීම, අමෙරිකාවේ සැලසුම වේ.

මේ අතර, තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

ඒ, රුසියාවේ සහ චීනයේ සහයෙන්, කොළොම්බියාව රැගෙන ආ යෝජනාවකට අනුවය.

අමෙරිකානු හමුදා ඊයේ (03) පැය කිහිපයක් තුළ කළ මෙහෙයුමකින්, වෙනිසුවෙලානු ජනාධිපතිවරයා සහ බිරිඳ සිය භාරයට ගැනීම පිළිබඳව මේ වන විට ලෝක නායකයින් රැසක් ඊට සිය විරෝධය පළ කර ඇත.

World News

Send your contact Details Today