Latest News

වෙනිසියුලාවේ ජනාධිපති අත්අඩංගුවට ගැනීම ගැන ට්‍රම්ප් පළමුවරට මාධ්‍යයට කියූ දේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට විදෙස් මාධ්‍යයට අදහස් දක්වා තිබේ.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටියේ තමන්ගේ මඟ පෙන්වීම මත වෙනිසියුලාවේ අගනුවර වෙත ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් දියත් කළ බවයි.

වෙනිසියුලානු ජනාධිපතිවරයා අමෙරිකානු ග්‍රහණයේ රඳවාගෙන සිටින බැවින් බල හුවමාරුවක් කළ හැකි කාලයක් එළඹෙනතුරු අමෙරිකාව විසින් වෙනිසියුලාව පාලනය කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පැවසීය.

අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවමින් සඳහන් කළේ වෙනිසියුලාවේ සියලුම දේශපාලන හා හමුදා නායකයින් නිකොලස් මදුරෝට සිදුවූ දේ ඔවුන්ටත් සිදුවිය හැකි බව තේරුම් ගත යුතු බවයි.

World News

Send your contact Details Today