Latest News

අමෙරිකාව සිදුකළ ක්‍රියාව ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කනස්සල්ලෙන්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලාවේ තත්වය කුමක් වුවත්, අමෙරිකාව සිදුකළ ක්‍රියාව භයානක පූර්වාදර්ශයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළුව ජාත්‍යන්තර නීතියට සියල්ලන් විසින්ම පූර්ණ ලෙස ගරු කිරීමේ වැදගත්කම මහලේකම්වරයා දිගටම අවධාරණය කරයි.

අමෙරිකාව ජාත්‍යන්තර නීතියේ නීතිරීතිවලට ගරු කර නොමැති බවයි ඔහු දැඩි කනස්සල්ලට පත්ව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන ලෙසට ඔහු වෙනිසියුලාවෙන් ද ඉල්ලා සිටියි.

මේ අතර රුසියාවේ සහ චීනයේ සහාය ඇතිව කොලොම්බියාව විසින් සඳුදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

World News

Send your contact Details Today