Latest News

කිම් ජොන් උන්ගේ සුරූපි දියණිය ගැන යළිත් කතා බහක්

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු කොරියා නායක කිම් ජොන් උන් කුම්සුසාන් සොහොන් ගැබට පුෂ්පෝපහාර දැක්වීමට ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිම් ජොන් උන්ගේ දියණිය ජූ ඒ ද එම අවස්ථාවට එක් වූ බව සඳහන්.

උතුරු කොරියා නායකයන්ගේ දේහයන් තැන්පත් කර ඇත්තේ, එරට යොංග්යැංග් අගනුවර පිහිටි මෙම කුම්සුසාන් සොහොන් ගැබ තුළය.

දියණිය ජූ ඒ කුම්සුසාන් සොහොන් ගැබට ගොස් ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව වන්නේ මෙය බව ද සඳහන්.

නායක කිම් ජොන් උන්ගේ බිරිඳ මෙන්ම, ජූ ඒගේ මෑණියන් ද වන රී සෝල් ජූ ද පුෂ්පෝපහාර දැක්වීමට කුම්සුසාන් සොහොන් ගැබට පැමිණි බව උතුරු කොරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

World News

Send your contact Details Today