Latest News

BYD විසින් TESLA පසු කර යයි

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ BYD සමාගම වාර්ෂික අලෙවිය අතින් ඉදිරියට පැමිණ තිබේ.

ඒ ලොව විශාලතම විදුලි මෝටර් රථ (EV) අලෙවිකරුවා වන ඉලොන් මස්ක්ගේ Tesla සමාගම පරාජය කරමින්.

ඒ අනුව BYD සමාගම ටෙස්ලා සමාගම අභිබවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

BYD සමාගම ඊයේ දින සිය 2025 වසරේ අලෙවිය පිළිබ ප්‍රකාශයට පත්කළ ද ටෙස්ලා සමාගම නිල වශයෙන් එය ප්‍රකාශයට පත්කර නොමැත.

එසේවුවත් ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් විසින් ටෙස්ලා අලෙවි වාර්තා පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබේ.

පසුගිය වසරේදී BYD සමාගමේ බැටරි මගින් ක්‍රියා කරන මෝටර් රථ අලෙවිය 28% කින් පමණ ඉහළ ගොස් තිබේ.

එය ඒකක මිලියන 2.25 කට වඩා වැඩි බවයි වාර්තා වන්නේ.

මේ අතර Tesla සමාගම 2025 වසරේදී අලෙවි කර ඇතැයි පැවසෙන රථ සංඛ්‍යාව මිලියන 1.65 ක් පමණයි.

Teslaසමාගම දැඩි දුෂ්කරතාවලට මුහුණ දීම ද හේතු වුණා.

ඒ Tesla සමාගමට එල්ල වූ අභියෝග අතරට නව මෝටර් රථ මාදිලි සඳහා ලැබුණු මිශ්‍ර ප්‍රතිචාර, ඉලොන් මස්ක්ගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ ඇති වූ නොසන්සුන්තාව සහ චීන ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ දැඩි තරඟකාරිත්වය හේතුවෙන්.

විශේෂයෙන්ම මස්ක් අමෙරිකාවේ ‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ’ (Doge) කටයුතුවල නිරත වීම නිසා ඔහු ටෙස්ලා සමාගම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට ආයෝජකයින් චෝදනා කළේය.

අලෙවිය වැඩි කර ගැනීම සඳහා ටෙස්ලා සමාගම ඔක්තෝබර් මාසයේදී සිය ජනප්‍රිය මෝටර් රථ මාදිලි දෙකක මිල අඩු කිරීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත්, BYD සමාගමේ මිල ගණන් බොහෝ විට අනෙකුත් සමාගම්වලට වඩා අඩු මට්ටමකයි පවතින්නේ.

BYD සමාගමේ ගෝලීය වර්ධනය ඉහළ යමින් පවතින්නේ ඉතා සීග්‍රයෙන්.

චීනයෙන් පිටත BYD සමාගමේ විශාලතම වෙළඳපොළ බවට පත්ව ඇත්තේ එක්සත් රාජධානියයි.

එහි අලෙවිය සැප්තැම්බර් මස අවසානය වන විට 880% කින් ඉහළ ගොස් තිබේ.

මේ සඳහා ‘Seal U’ නම් plug-in hybrid SUV රථය සඳහා වූ ඉහළ ඉල්ලුම බෙහෙවින් බලපා තිබෙන්නක්.

ඉදිරි වසර 10 තුළ මානව රූපී රොබෝවරු මිලියනයක් අලෙවි කිරීමේ ඉලක්කයක් ද ඉලොන් මස්ක් වෙත ලබා දී තිබේ.

Tesla කොටස් වෙළඳපොළ වටිනාකම ඉහළ නැංවීමට මස්ක් සමත් වුවහොත්, ඔහුට ඩොලර් ට්‍රිලියන 1 ක් දක්වා වූ වාර්තාගත ගෙවීම් පැකේජයක් හිමි වීමට නියමිතයි.

BYD සමාගම ලතින් අමෙරිකාව, අග්නිදිග ආසියාව සහ යුරෝපයේ කොටස් වෙත වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

නමුත්, එම සමාගම ද චීනය තුළ XPeng සහ Nio වැනි අනෙකුත් විදුලි මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් දැඩි තරඟයකට මුහුණ දී සිටියි.

World News

Send your contact Details Today