පාකිස්තානයේ වෙළඳසැල්වල POS යන්ත්‍ර ස්ථාපනය කිරීම අනිවාර්ය කිරීමට රජය ගත් තීරණයට එරෙහිව වෙළෙන්දන් වීථි බැස තිබේ.
ඒ අනුව රජය එම තීරණය ඉල්ලා අස්කර නොගන්නේ නම් ජනවාරි 16 වන දින රටපුරා විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ.
මෙම පියවර කුඩා ව්‍යාපාරවලට තවදුරටත් බරක් වන අතර බදු නිලධාරීන්ගේ හිරිහැර සඳහා නව මංපෙත් විවර කරනු ඇති බවට අනතුරු අඟවා ඇති බව ද ඔවුන් චෝදනා කර ඇත.
ඩෝන් පුවත්පතට අනුව, ෆෙඩරල් ආදායම් මණ්ඩලයේ (FBR) නියෝගයට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා වෙළෙන්දෝ ආබ්පාරා චෞක් සිට රතු කලාපය දෙසට පෙළපාළි යාමට උත්සාහ කළ ඉස්ලාමාබාද්හි පැවති විරෝධතා රැලියක් අතරතුර මෙම අනතුරු ඇඟවීම සිදු විය.
කෙසේ වෙතත්, දැඩි පොලිස් ආරක්ෂාව හමුවේ විරෝධතා අතරමැද අතහැර දැමීමට විරෝධතාකරුවන්ට සිදුව තිබේ.
විවිධ වෙළඳ සංවිධානවල නායකයින් රැස්වීම අමතමින්, රජය මහා පරිමාණ දූෂණයට විසඳුම් සෙවීම වෙනුවට කුඩා ව්‍යාපාර ඉලක්ක කරන බවට චෝදනා කළහ.
ඉස්ලාමාබාද්හි වෙළඳ ක්‍රියාකාරී කමිටුවේ සභාපති අජ්මාල් බලොච්, රැස්ව සිටි පිරිස අමතමින්, POS යන්ත්‍ර අනිවාර්යයෙන් ස්ථාපනය කිරීම, බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට වඩා වෙළඳුන් බිය ගැන්වීමට නිර්මාණය කරන ලද “කළු නීතියක්” ලෙස විස්තර කළේය.