Latest News

බ්‍රසීල ජනාධිපති ඉන්දියාවේ සංචාරයකට සූදානම්

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීල ජනාධිපති ලුලා ඩි සිල්වා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එම වාර්තා පෙන්වා දෙන්නේ එළඹෙන පෙබරවාරි මාසයේදී බ්‍රසීල ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සිදු කෙරෙනු ඇති බවය.

එමෙන්ම පොහොර, කෘෂි ව්‍යාපාර සහ තාක්‍ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෙරට අතර වෙළඳාම සහ ආයෝජන සඳහා නව මාර්ග විවෘත කිරීම අරමුණු කරගෙන බ්‍රසීල ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය සිදු කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ආර්ථික සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් කිරීමේ ඔවුන්ගේ අන්‍යෝන්‍ය අභිප්‍රාය අවධාරණය කරමින්, දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් තබා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

World News

Send your contact Details Today