Latest News

ඉරානයේ විරෝධතා රැල්ල ප්‍රචණ්ඩත්වයට හැරෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ ඉහළ යන ජීවන වියදමට එරෙහිව පැවැත්වෙන විරෝධතා මේ වනවිට නරක අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව විරෝධතාවල පස්වන දිනය ගතවද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

නිරිතදිග ඉරානයේ, ලෝර්ඩෙගන් නගරයේ දී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් දෙදෙනෙකු මියගොස් ඇත.

එමෙන්ම බටහිර ඉරානයේ අස්නා හිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු සහ කෞඩාෂ්ට් හි තවත් අයෙකු මියගොස් තිබේ.

බොහෝ විරෝධතාකරුවන් රටේ උත්තරීතර නායකයාගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා ඇති අතර, ඇතැම් පිරිස් රාජාණ්ඩුව නැවත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව සඳහන්.

World News

Send your contact Details Today