ස්විට්සර්ලන්තයේ – ක්‍රාන්ස් මොන්ටානාහි සුප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්න ඉටිපන්දමක්, ෂැම්පේන් බෝතලයකට ඇවිලීමෙන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්නෙන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට වීය.
එම අනතුරින් තවත් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් 400කට අධික පිරිසක් එහි රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නව වසර උදාව සැමරීමේ උත්සවයක් අතරතුර මෙම ඛේදවාචකය සිදු වී තිබුණි.