Latest News

නෙදර්ලන්තයේ වසර 50කට වඩා පැරණි දේවස්ථානයක ගින්නක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නෙදර්ලන්තයේ නව අවුරුදු සැමරුම් අතරතුර වසර 150කට වඩා පැරණි දේවස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇම්ස්ටඩෑම් අගනුවර පිහිටා ඇති 1872 වසරේ ඉදිකෙරුණු දේවස්ථානයක් එලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව වේ.

කිසියම් පුද්ගලයෙකු දේවස්ථානයට හිතාමතා ගිනි තබා ඇත්දැයි හෝ ගිනිකෙළි හේතුවෙන් ඊට ගිනි ඇවිලූනේදැයි යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැත.

ඒ අවට නිවෙස් වල පුද්ගලයින් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කෙරුණු බවත් නිවාස 100ක පමණ විදුලිය ඇණහිටි බවත් විදෙස් වාර්තා වල සඳහන් වේ.

මේ අතර නෙදර්ලන්තයේ නව අවුරුදු සැමරුම් අතරතුර ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

සැමරුම් අතරතුර ඇතැම් පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවත් සේවයේ නිරතව සිටි පොලිස් සහ ගිනි නිවන භටයින්ට පහර දී ඇති බවත් එරට බලධාරීන් පැවසුවේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 250 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වේ.

ලබන වසරේ සිට නෙදර්ලන්තයේ අනාරක්ෂිත ගිනිකෙළි තහනම් කිරීමටද නියමිතව ඇති අතර මේ වසරේ පමණක් එරට වැසියන් යුරෝ මිලියන 129ක් ගිනිකෙළි වෙනුවෙන් වැය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

World News

Send your contact Details Today