Latest News

ජපානයේ පළමු කාන්තා අගමැතිය පුරුෂ ආධිපත්‍යට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙමිනි.

පසුගිය මැතිවරණයෙන් පසු, ජපන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ ගොස් ඇතැයි ද අගමැතිනී සත්සුකි කටයාමා සිය පෙත්සම හරහා පෙන්වා දී ඇතැයි ජපන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එම පෙත්සමට අග්‍රාමාත්‍යවරිය ඇතුළු මන්ත්‍රීවරියන් 60 කට ආසන්න පිරිසක් අස්සන් කර ඇතැයිද පැවැසෙයි.

ජපන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කාන්තා වැසිකිලි ඇත්තේ දෙකක් පමණි. පහළ මන්ත්‍රී මණ්ඩලයේ සමස්ත මන්ත්‍රීවරියන් ගණන 73 ක් බව සඳහන්.

ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සාදා නිම කරන ලද්දේ 1936 වසරේදීය. ඒ, දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් පසු 1945 දෙසැම්බර් මාසයේදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබීමට දශකයකට පමණ පෙරය.

ජපානයේ ‘යොමියුරි ෂිම්බුන්’ පුවත්පතට අනුව, පහළ මන්ත්‍රී මණ්ඩල ගොඩනැගිල්ල පුරා පිරිමින් සඳහා වැසිකිළි 12 ක් ඇති අතර, කාන්තාවන් සඳහා ඇත්තේ වැසිකිළි 9 ක් පමණි.

World News

Send your contact Details Today