ඕස්ට්‍රේලියාව විසින් පසුගියදා ක්‍රියාත්මක කළ සමාජ මාධ්‍ය තහනමට සමාන නීතියක් පැනවීමට ප්‍රංශ රජය ද සූදානම් වේ.
ඒ අනුව වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට සහ උසස් පාසල් තුළ ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමටයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් තීරණය කර ඇත්තේ.
ප්‍රංශ ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවිඩය නිකුත් කරමින් අවධාරණය කළේ, සමාජ මාධ්‍ය සහ Screen Time මගින් දරුවන්ට සිදුවන හානිය වැළැක්වීම තම රජයේ ප්‍රධාන අරමුණක් බවයි.
මෙම නව නීති සම්පාදනය සඳහා වූ කෙටුම්පත ජනවාරි මාසයේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ලබන සැප්තැම්බර් මාසයේ සිට එය බලාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
තරුණ පරම්පරාව අතර සිදුවන ප්‍රචණ්ඩත්වය සහ මානසික සෞඛ්‍ය පිරිහීමට සමාජ මාධ්‍ය ප්‍රධාන හේතුවක් වී ඇති බවයි ප්‍රංශ බලධාරීන් පෙන්වා දෙන්නේ.
ප්‍රංශයේ ප්‍රාථමික පාසල් තුළ දැනටමත් ජංගම දුරකථන තහනම් කර ඇති අතර, නව නීතිය මගින් එය උසස් පාසල් දක්වා දීර්ඝ කරනු ඇති.