Latest News

ලොව පළමු වරට තැපැල් ලිපි බෙදීම නැවැත්වීමට තීරණය කල රට මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තැපැල් ලිපි බෙදාහැරීම නවතා දැමූ ලොව පළමු රට බවට ඩෙන්මාර්කය පත්වී තිබෙයි.

ඒ අනුව වසර 400ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන “PostNord” පසුගිය 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එරට තුළ තැපැල් ලිපි බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2000 වසරේ සිට එරට තුළ ලිපි බෙදාහැරීම් 90%කට වඩා පහතවැටී ඇති බව ඩෙන්මාර්ක ජාතික තැපැල් සේවය පවසයි.

ඒ හේතුවෙන් එරට තුළ අන්තර්ජාලය හරහා පාර්සල් සේවා බෙදාහැරීම් වැඩිදියුණු කර සිය ආයතනයේ ලාභ උපරිම කරගැනීමට ඔවුන් සැලසුම්කර තිබෙන බව සඳහන්‌ වෙයි.

මෙම තීරණය ක්‍රියාවට නැංවීමත් සමඟ ඩෙන්මාර්කය පුරා තැපැල් පෙට්ටි 1,500ක් පමණ ඉවත් කර තිබෙන බව ද සඳහන්.

World News

Send your contact Details Today