Latest News

රෝමයේ අලුත් අවුරුදු උදාවේදී ගිනිකෙළි තහනම් කෙරේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෙසැම්බර් 31 වන දින 00.01 සිට 2026 ජනවාරි 6 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා රෝමය තුළ රතිඤ්ඤා, බැන්ගර්, රොකට් සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය භාවිතය තහනම් කර ඇත.

නගරයේ නගරාධිපති රොබර්ටෝ ගුවල්ටියරි විසින් අත්සන් කරන ලද අලුත් අවුරුදු නීතිවලට අනුකූල වීමට අපොහොසත් වන අයට යුරෝ 25 සිට යුරෝ 500 දක්වා දඩ මුදල් අය කෙරේ.

කෙසේවෙතත් ආරක්ෂිත සහ අඩු ඝෝෂාකාරී ගිනිකෙළි භාවිතය සඳහා මෙම නීතිය බලපැවැත් නොවනු ඇත.

සාමාන්‍යයෙන් අවසාන මොහොතේ නිවේදනය කරන මෙම තහනම, අලුත් අවුරුදු කාලය තුළ රෝමයේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ දෙයක් බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today