Latest News

බිත්ති හිල් කරමින් පැමිණි සොරුන් පිරිසක් බැංකු සේප්පුවකින් කෝටි ගාණක් උස්සයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ජර්මනියේ බැංකුවක සේප්පුවක් සොරුන් විසින් බර උපකරණ යොදාගෙන බිඳ යුරෝ මිලියන 30ක් වටිනා මුදල්, රත්‍රන් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව එරට පොලිසිය ප්‍රකාශ කරයි.

රාත්‍රියේ සිදුකර ඇති මෙම සොරකමේදී සොරුන් විසින් සේප්පුවේ බිත්තිය හරහා සිදුරුකර එහි තිබු තැන්පතු පෙට්ටි 3,000කට වඩා විවෘත කර සොරකම් කර ඇති බව වාර්තා වේ.

පොලිස් ප්‍රකාශකයකු මෙය ඉතා වෘත්තීයමය වශයෙන් ක්‍රියාත්මක කරන ලද සොරකමක් ලෙස විස්තර කර තිබිණි.

මෙම සිදුවීම හොලිවුඩ් චිත්‍රපටයක් වන ඕෂන්ස් එලෙවන් හි සිදුවීමට සමාන බව ජර්මානු සහ විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බැංකුවේ අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වීමෙන් පසු සඳුදා අලුයම අපරාධය සොයාගත් බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඒ සමඟ පැමිණි නිලධාරීන්ට දැකගත හැකි වී ඇත්තේ සේප්පුවට විශාල හානියක් සිදුකර ඇති බවත් තැන්පතු පෙට්ටි රාශියක් විවෘත කර ඒවායේ තිබූ දේ රැගෙන ගොස් ඇති බවත්ය.

සොරකම් කරන ලද භාණ්ඩවල නිශ්චිත වටිනාකම තවමත් තක්සේරු කරමින් පවතින නමුත්, ගනුදෙනුකරුවන් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බව පොලිසිය ගණන් බලා ඇත.

පාඩු පිළිබඳ මූලික ඇස්තමේන්තු යුරෝ මිලියන දස දහස් ගණනක් ඓයහැකි බව පැවසේ.

විමර්ශකයන් පැවසුවේ කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවයි.

විමර්ශනයේ කොටසක් ලෙස ආරක්ෂක කැමරා දර්ශන සහ සිද්ධිය වූ ස්ථානයේ වෝහාරික සාක්ෂි විශ්ලේෂණය කරමින් පවතී.

බැංකුව පැවසුවේ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් ආරක්ෂිත තැන්පතු පෙට්ටිවලට හානි සිදු වූ ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීම ආරම්භ කර ඇති බවත්ය.

World News

Send your contact Details Today