ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ චමෝලි ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා තිබේ.
උත්තරාකන්ඩ් හි චමෝලි දිස්ත්‍රික්කයේ ජල විදුලි ව්‍යාපෘති උමඟක් තුළ සේවය කළ කම්කරුවන් සහ නිලධාරීන් රැගත් දුම්රියක් හා භාණ්ඩ දුම්රියක් මෙලෙස ඊයේ (30) දින එකිනෙක ගැටී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 109 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.
එම තුවාල ලැබු පුද්ගලයින් දස දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
තවද මෙම අනතුර සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.