Latest News

ඉන්දියාවේ නගරයකින් සනී ලියොන්ට විරෝධයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළැඹෙන නව වසර වෙනුවෙන් ජනවාරි 1 වනදා, ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි මතුරා නගරයේ හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ බොලිවුඩ් නිළි සනී ලියෝන්ගේ ප්‍රසංගයක් අවලංගු කර තිබේ.

මතුරා යනු ආගමික වශයෙන් ඉතා වැදගත් පූජනීය නගරයක්.

හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක වන සනී ලියෝන් මෙවැනි ස්ථානයක ප්‍රසංගයක් පැවැත්වීම නුසුදුසු බව පවසමින් පූජකවරුන් සහ ආගමික නායකයින් පිරිසක් විරෝධය පළකිරීම මීට හේතුවයි.

සනී ලියෝන් මෙහිදී DJ ශිල්පිනියක ලෙස ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර, ඇය ඒ පිළිබඳව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවක් පළ කරමින් රසිකයින්ට ආරාධනා කර තිබුණාය.

මෙය පුද්ගලයින් 300 දෙනෙකුගෙන් යුත් සීමිත පිරිසක් සඳහා සංවිධානය කළ උත්සවයක්.

හින්දු නායකයෙකු වන දිනේෂ් ෆලහාරි විසින් ඊයේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ, මෙවැනි උත්සව මඟින් නගරයේ ගෞරවයට හානි වන බවත් සංවිධායකයින්ට එරෙහිව පියවර ගත යුතු බවයි.

විරෝධතා මධ්‍යයේ හෝටල් හිමිකරු වන මිතුල් පතාක් ප්‍රසංගය අවලංගු කිරීමට තීරණය කළේය.

සනී ලියෝන් සහභාගී වීමට නියමිතව තිබුණේ DJ ශිල්පිනියක ලෙස පමණක් වුවත්, සමාජීය සහ ආගමික හැඟීම්වලට ගරු කරමින් මෙම පියවර ගත් බව ඔහු පවසා තිබේ.

World News

Send your contact Details Today