Latest News

චීනයේ තර්ජන ගැන තායිවානයෙන් ප්‍රකාශයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2027 වසරේ චීනයේ ඉලක්කය තායිවානය ආක්‍රමණය කිරීම නම්, අපගේ එකම තේරීම වන්නේ තායිවානයේ ආරක්ෂාව සහතික කිරීමත්, චීනයට එම අපේක්ෂාව සපුරාලීම දුෂ්කර කිරීමත් බව තායිවානය පවසයි.

චීනය විසින් තායිවාන වටා යුද අභ්‍යාසයක් පවත්වමින් සිටින පසුබිමක ප්‍රකාශයක් කරමින් තායිවාන ජනාධිපති විලියම් ලායි මේ බව පවසා තිබේ.

එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ, චීනයෙන් එල්ලවන තර්ජන වැළැක්වීම සඳහා තමන්ගේම ආරක්ෂක හැකියාවන් වැඩි කළ යුතු බවත්, සාමය සුරක්ෂිත කිරීම සඳහා ශක්තිය අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තාවල පළ වන්නේ, 2027 වන විට තායිවාන් ආක්‍රමණයකට සූදානම් වන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහජන විමුක්ති හමුදාවට නියෝග කර ඇති බවට එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් ද මීට පෙර අනතුරු අඟවා තිබූ බවයි.

ඊට ප්‍රතිචාර ලෙස 1949 ගුනිංටෝ සටන සහ 1958 තායිවාන් සමුද්‍ර සන්ධි අර්බුදය වැනි ඓතිහාසික ගැටුම් ගැන සඳහන් කරමින්, තායිවානය ඈඳා ගැනීමේ චීනයේ ඉලක්කය දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් බව ද තායිවාන ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි.

තායිවානය වසර ගණනාවක් තිස්සේ එහි ආරක්ෂාව පවත්වා ගෙන ගොස් ඇත්තේ, චීනයට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති නිසා බව ද ඔහු සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today