Latest News

ශ්‍රී ලංකාවේ වෙසක් පොහෝ දිනය සංශෝධනයට තීරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය සංශෝධනය කරන බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒ ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ඉල්ලීම පරිදියි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, එය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

2026 මැයි මස 30වැනි දිනට යෙදෙන පුර පසළොස්වක දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඊයේ පැවසුවේය.

ත්‍රෛිනිකායික මහනායක හිමිවරු පෙන්වා දෙන්නේ 2026 මැයි 01 වැනි දින සහ මැයි 30වැනි දින යන දෙදිනම පසළොස්වක හොහොය යෙදෙන බවයි.

දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි 01වැනිදා වෙසක් පුන් පොහොය ලෙසත් 2026 මැයි 30 වැනිදා අධි පොසොන් පුර පළොස්වක පොහොය දිනය ලෙසත් යොදා ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

මහා නාහිමිවරුන් පෙන්වා දෙන්නේ වෙසක් පොහොය සැමරෙන්නේ විසා නැකතින් බවයි.

එහෙත් මැයි පළමුවැනිදා යෙදෙන පොහොය උදා වන්නේ විසා නැකතින් නොවන බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

World News

Send your contact Details Today