අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු නැතිනම් ඊශ්‍රායලයක් නොමැති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
ඒ අමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ පිහිටි සිය මන්දිරයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අමෙරිකාවට පැමිණියේ ගාසා සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීමටය.
රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ හමුව පැවැත්වූයේ ෆ්ලොරීඩාවේ, ට්‍රම්ප්ට අයත් මාර් අ ලාගෝ මන්දිරයේදීය.
ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ ඉරාන න්‍යෂ්ටිකවැඩසටහන සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන හරහා ලෝකයට අනතුරක් වීමට ඉඩ නොතබන බවට නෙදන්යාහු මෙන්ම ට්‍රම්ප් ද මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.