Latest News

Telegram ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රංශයේදී අත්අඩංගුවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 හැවිරිදි ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්වුණා.

රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පුරවැසිභාවය හිමිව තිබෙනවා.

Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ලොව ප්‍රධානම සමාජ මාධ්‍ය යෙදවුම ලෙසයි සැලකෙන්නේ.

Telegram යෙදවුම රුසියාව, යුක්‍රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමක් වනවා.

World News

Send your contact Details Today