Latest News

ඊශ්‍රායලය ගත් තීරණයට සෝමාලියාවෙන් දැඩි විරෝධයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෝමාලියාවෙන් වෙන් වුණු සෝමාලිලන්තය රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට යුදෙව් ඊශ්‍රායලය ගත් තීරණයට සෝමාලියාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඒ අනුව සෝමාලි ජනාධිපති ෂෙයික් මොහමුද්, පාර්ලිමේන්තුව අමතමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස දොස් නැගු බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

සෝමාලි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය සෝමාලියාවේ ස්වෛරීත්වයට දැඩි තර්ජනයක් බවත්, ඊශ්‍රායලය සෝමාලියාවේ සතුරකු ලෙස සලකන බවත්ය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය වෙනස් කරන්නැයි ද සෝමාලි ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි ද වාර්තා වේ.

සෝමාලිලන්තය පිහිටා ඇත්තේ අප්‍රිකා මහද්වීපයේ හෝං ඔෆ් අප්‍රිකා තුඩුව කෙළවරේය.

මෙය පළමුවෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විය. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස හිමිවූයේ 1960 දීය.

ඉන්පසු මෙම ප්‍රදේශය, ඉතාලි පාලනයට නතු වී, සෝමාලියාව නමින් හැඳින්වෙන රාජ්‍යයේ කොටසක් විය.

දරුණු සිවිල් අවි ගැටුම් සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන්, සෝමාලිලන්තය, සෝමාලියාවෙන් වෙන් වීම සිදුවූයේ 1991 දීය.

ඉන්පසු සෝමාලිලන්තයේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නිර්මාණය විය.

සෝමාලිලන්තයට, විශේෂයෙන් ආවේණික රජයක්, හමුදාවක්, මුදල් ඒකකයක් සහ විදේශ ගමන් බලපත්‍රයක් තිබුණ ද, ඔවුන්ට මෙතෙක් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නොතිබුණි.

World News

Send your contact Details Today