ඇපල් විසින් iPhone පරිශීලකයින්ට ඔවුන්ගේ උපාංග යාවත්කාලීන කරන ලෙස ඉල්ලා හදිසි ආරක්ෂක උපදේශනයක් නිකුත් කර ඇත.
ඒ බරපතල මෘදුකාංග අවදානම් දෙකක් හඳුනා ගැනීමෙන් පසුවයි.
මෙම සතියේ නිකුත් කරන ලද ආරක්ෂක ප්‍රකාශනයක දී, ඇපල් පැවසුවේ අදාළ දෝෂ WebKit, Safari විසින් භාවිතා කරන බ්‍රව්සර් එන්ජිම සහ iOS හි සියලුම තෙවන පාර්ශවීය බ්‍රව්සර් වලට “අතිශයින්ම සංකීර්ණ”ලෙස මෙය බලපා ඇති බවයි.
දෝෂ නිවැරදි කිරීම සඳහා සමාගම iPhone, iPad සහ අනෙකුත් Apple උපාංග සඳහා හදිසි මෘදුකාංග යාවත්කාලීන කිරීම් නිකුත් කළේය.
ඒ අනුව ආරක්ෂාව සහතික කිරීම සඳහා නවතම යාවත්කාලීන කිරීම් වහාම ස්ථාපනය කරන ලෙස පරිශීලකයින්ට දැඩි ලෙස උපදෙස් දෙන ලදී.
ලොව පුරා ඇස්තමේන්තුගත බිලියන 1.8 ක Apple iPhone පරිශීලකයින්ට අනතුරු ඇඟවීම අදාළ වන බව සමහර විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
Apple පැවසුවේ සිදුවීම් පිළිබඳව අඛණ්ඩව විමර්ශනය කරන බවත් නවතම ආරක්ෂක පැච් සමඟ උපාංග යාවත්කාලීනව තබා ගැනීමේ වැදගත්කම නැවත අවධාරණය කරන බවයි.