අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරග තීරකවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අවුරුදු 02ක් තුල මේ ආකාරයෙන්ම එම තණ තීරුව සඳහා තවත් අසාදු ලකුණක් එක් වුවහොත් එම ක්‍රීඩංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇති ටෙස්ට් තරගයක් වෙනත් ක්‍රීඩාංගණයක් සඳහා යොමු කිරීමට හැකියාවද පවතියි.