Latest News

පාකිස්තානය සහ ලිබියාව අතර ඩොලර් බිලියන ගණනක අවි ගනුදෙනුවක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලිබි­යාවේ ජාතික හමු­දා­වට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 4ක ආයුධ අලෙවි කිරීම සඳහා පාකි­ස්තා­නය සමඟ ආර­ක්ෂක සහ­යෝ­ගිතා ගනු­දෙ­නු­ව­කට එක­ඟ­තාව පළ වී ඇතැයි රොයි­ටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

පසු­ගිය සතියේ පාකි­ස්තාන හමු­දා­පති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් සහ ලිබි­යාවේ ජාතික හමු­දාවේ නියෝජ්‍ය හමු­දා­පති සදාම් කලීෆා හෆ්තාර් අතර නැඟෙ­න­හිර ලිබි­යාවේ බෙන්ගාසි නග­ර­යේදී එම ගනු­දෙ­නුව සම්බන්ධ අව­සන් සාක­ච්ඡාව පැවති බවත්, එය පාකි­ස්තාන ඉති­හා­සයේ විශා­ල­තම ආයුධ ගනු­දෙ­නු­වක් බවත්, රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ගනු­දෙ­නුවේ රහ­සි­ග­ත­භා­වය ආරක්ෂා කිරීම හේතු­වෙන් සාක­ච්ඡා­වට එක් වූ දෙරටේ නිල­ධා­රීන් පිළි­බඳ තොර­තුරු වාර්තා නොවන බව ද රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කළේය.

ප්‍රහා­රක ජෙට් යානා සහ පුහුණු ගුවන් යානා ඇතු­ළුව හමුදා උප­ක­රණ අලෙවි කිරීම, පුහු­ණුව ඇතුළු පුළුල් උපා­ය­මා­ර්ගික සහ­යෝ­ගී­තාව වැඩි­දි­යුණු කිරීම එම ගිවි­සු­මට ඇතු­ළත් වී ඇති අතර, ගිවි­සුම සම්බ­න්ධ­යෙන් එම සාකච්ඡා ආසන්න වශ­යෙන් වසර දෙක­හ­මා­රක කාල­යක් පුරා පවත්වා ඇතැයි ද වාර්තා වේ.

වසර 2011 දී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය විසින් ලිබි­යා­වට පන­වනු ලැබූ අවි සම්බා­ධක එම ගිවි­සුම මඟින් උල්ලං­ඝ­නය නොවන බව පාකි­ස්තාන නිලධාරීන් සහ­තික කර ඇතැයි ද වාර්තා වේ.

එහෙත් නව ගිවි­සු­මෙන් ලිබි­යාවේ අභ්‍ය­න්තර ගැටුම් පාල­නය කිරීමේ ජාත්‍ය­න්තර උත්සා­හය මෙමඟින් අව­දා­න­මට ලක්වීමේ අව­දා­න­මක් මතු වී ඇතැයි ද, එහි දේශ­පා­ල­නික සහ උපා­ය­මා­ර්ගික ප්‍රති­වි­පාක පාල­නය කිරීම දුෂ්කර වනු ඇතැයි ද රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කර තිබේ.

World News

Send your contact Details Today