Latest News

අම්බලන්ගොඩ මතභේදාත්මක වෙඩි තැබීමත් සමඟ දේශබන්දුගේ පාතාල සබඳතා එළියට එන ලකුණු

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි ඉලෙක්ට්‍රොනික උපකරණ වෙළඳසැලක පසුගිය 22 වන දින සිදු වූ මතභේදාත්මක වෙඩි තැබීම සහ ඉන් පසුව හෙළි වූ තොරතුරු මේ වන විට රට තුළ සැලකිය යුතු කතාබහක් ඇති කර තිබේ.

අදාළ වෙළඳසැලේ කළමනාකරු හිරාන් කෝසල ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කිරීමට පැමිණි පාතාල තුවක්කුකරු සහ යතුරුපැදිකරු සිද්ධියෙන් පසු රටේ පොලිස් බලකායේ ඉහළම තනතුරක් දැරූ දේශබන්දු තෙන්නකෝන්ට අයත් මධ්‍යම පළාතේ නිවසක සැඟවී සිටි බව පොලිස් පරීක්ෂණවලින් දැන් තහවුරු වී තිබේ.

මෙම හෙළිදරව්වත් සමඟ අදාළ ඝාතන සිද්ධිය වෙනස් මුහුණුවරක් ගෙන ඇති අතර, සිද්ධිය පිටුපස පාතාල සබඳතා සහ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විමර්ශනවලින් හෙළි වූයේ ඝාතනය සිදු කිරීමට පැමිණි තුවක්කුකරු සහ ඔහු රැගෙන ආ පුද්ගලයා මධ්‍යම පළාතේ සිට මෝටර් රථයකින් පැමිණ අම්බලන්ගොඩ ප්‍රදේශයට ළඟා වූ පසු යතුරුපැදියකින් ගොස් වෙඩි තැබීම සිදු කළ බවයි.

අපරාධය සිදු කිරීමෙන් පසු ඔවුන් භාවිතා කළ යතුරුපැදිය කළුදාවල ප්‍රදේශයේ අතහැර දමා ගොස් අම්බලන්ගොඩ පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වූයේ මෙම යතුරුපැදිය පසුගිය වසරේ හංවැල්ල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද එකක් බවයි.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම මධ්‍යම පළාතේ දේශබන්දුගේ නිවසට ආපසු ගිය බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

නිවස හිටපු පොලිස් ප්‍රධානියාගේ වුවද, ඔහු එහි පදිංචි නොවන අතර, නිවසේ ආරක්ෂාව සඳහා භාරකරුවෙකු යොදවා ඇත. පොලිස් පරීක්ෂණවලට අනුව, ඝාතකයින් 7 වන දින සිට 21 වන දින දක්වා එම නිවසේ රැඳී සිටි බවට තොරතුරු ලැබී තිබේ.

මෙම නිවස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් බවත් එය ඉදිකර ඇත්තේ ඩුබායි හි සැඟවී සිටින බවට විශ්වාස කෙරෙන පාතාල නායකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ විසින් බවත් විමර්ශන අංශවලට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, තුවක්කුකරු සහ ඔහුගේ සහචරයා නිවසේ හිමිකරු වන හිටපු පොලිස් ලොක්කාගේ අනුදැනුම ඇතිව හෝ නැතිව එහි රැඳී සිටියේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් තවමත් අනාවරණය වී නොමැති අතර, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

World News

Send your contact Details Today