Latest News

අධික ශීත සහිත කාලගුණය නිසා උතුරු යුරෝපයේ ජන ජිවිතයට බාධා

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු යුරෝපයට බලපා ඇති අධික ශීත සහිත කාලගුණය හේතුවෙන් එම කලාපීය රටවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ස්වීඩනයටයි.

ස්වීඩනය හරහා හමාගිය ‘ජොහැන්නස්’ කුණාටුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

‘ජොහැන්නස්’ කුණාටුව හේතුවෙන් ප්‍රවාහන පහසුකම් මෙන්ම විදුලිය ඇණහිටීම් රැසක්ද සිදුව තිබේ.

මේ හේතුවෙන් ස්වීඩන් කාලගුණ විද්‍යා හා ජල විද්‍යා ආයතනය එරට උතුරු ප්‍රදේශවලට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

‘ජොහැන්නස්’ කුණාටුවේ බලපෑම හේතුවෙන් ස්වීඩනයේ නිවාස 40,000කට වැඩි සංඛ්‍යාවක විදුලිය ඇනහිටීම් සිදුව තිබේ.

එමෙන්ම එරට දුම්රිය සේවා ගණනාවක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර ස්වීඩනයට අමතරව නෝර්වේ සහ ෆින්ලන්තය යන රටවලද නිවාස දසදහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබේ.

එම රටවල දුම්රිය සහ ගුවන්තොටුපළ සේවා කිහිපයක්ම අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

World News

Send your contact Details Today