Latest News

මෙක්සිකෝවේ දරුණු දුම්රිය අනතුරක් – 13 දෙනෙකු ජිවිතක්ෂයට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු මෙක්සිකෝවේ, ඔක්සාකා ප්‍රාන්තයේ ටෙහුආන්ටෙපෙක් දුම්රිය මාර්ගයේ ඉසෙඩ් රේඛාවේ මගී දුම්රියක් පිලී පැනීමෙන් සිදු වූ දැඩි අනතුරකින් පුද්ගලයින් 13දෙනෙකු මියගොස් 100කට ආසන්න තරම් පුද්ගලයන්ට තුවාල සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ දුම්රිය අනතුරේදී මගීන් 250ක් පමණ සිටි බව සඳහන් වන අතර, තුවාල ලබා ඇත්තේ 98 දෙනෙකු අතරින් 36දෙනෙකු රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.

මෙක්සිකානු නාවික හමුදාව මෙහෙයුම් සඳහා 360 නාවික භටයින්, ගුවන් සහ ගොඩබිම් ගිලන් රථ සහ ඩ්‍රෝන් යානා යොදවා මගීන් ගැලවීම, වෛද්‍ය ප්‍රතිකාර හා ප්‍රතිසාධන කටයුතු සදහා සහාය සැලසී ඇති බව ද කියා ඇත.

මෙම අනතුරට හේතුව සහ තත්ත්වය පිළිබඳව රාජ්‍ය හා ෆෙඩරල් ආයතන අඛණ්ඩව විමර්ශනය කරමින් සිටින බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ.

World News

Send your contact Details Today