Latest News

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර හමුවේදී කතා කල දේවල් මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව ඊයේ සිදු විය.

අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රුසියාව සහ යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එලැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් නායකයින් දෙදෙනා මෙලෙස හමුවී තිබේ.

මෙම විශේෂ හමුව සඳහා යුක්‍රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්‍රේන හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි නාටෝච් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටි බව සඳහන්.

මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, රුසියානු “යුක්‍රේන සාම සැලැස්මට එක්සතජනපද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවලින් 90%ක් සඳහා යුක්‍රේනය එකඟ බවයි.

යුක්‍රේනය ඉතා නිර්භීත බවත් ඔවුන් දැවැන්ත හානියක්ද සිදුකරගෙන ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

ඒ, අනුව කඩිනමින් ගැටුම් අවසන් කිරීමේ කාලය එළඹ ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

රුසියාව, අමෙරිකාව සහ යුක්‍රේනය අතර ත්‍රෛපාර්ශ්වික හමුවක් සිදුවනු දැකිය හැකිදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී එම හමුව අවශ්‍ය හොඳම වේලාවේදි සිදුවිය හැකි බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර සිදුවූ තුන්වැනි හමුව මෙය වනවා.

යුක්‍රේනය සහ රුසියාව අතර වසර හතරකට ආසන්න යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ගැටළු පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා එක්සත් ජනපද සහ යුක්‍රේන කණ්ඩායම් ලබන සතියේ ද රැස්වන බවයි සෙලෙන්ස්කි ජනාධිපතිවරයා පැවසුවේ.

World News

Send your contact Details Today