Latest News

සෝමාලිලන්ත ජන රජය ගැන ඊශ්‍රායලයෙන් නිල ප්‍රකාශයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් සෝමාලිලන්ත ජන රජය ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝමාලිලන්තය ස්වාධීන රටක් ලෙස පිළිගත් ලොව ප්‍රථම රට වන්නේ ඊශ්‍රායලයයි.

වසරේ දී දරුණු සිවිල් යුද්දයකින් පසු සෝමලියාවෙන් වෙන් වු ප්‍රදේශයක් සෝමාලිලන්තය ලෙස වෙන් වී තිබේ.

එම රටට ආවේණීක මුදල් ගමන් බලපත්‍ර හා හමුදාවක් ද ක්‍රියාත්මක වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

එහෙත් දශක තුනකට අධික කාලයක් සෝමාලිලන්තයට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැතිව හුදෙකලා රටක් බවට පත්ව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ මෙම තීරණය 2020 වසරේ දී ඇති කර ගත් ඒබ්‍රහම් ගිවිසුමේ මූල ධර්මවලට අනුකූලව ගත් බවයි.

වසර 30ක් හුදෙකලාව සිටි තමන්ට ලැබුනු මෙම පිලිගැනීම සෝමාලිලන්ත ජනතාව ඉතා ඉහළින් අගය කරයි.

World News

Send your contact Details Today