Latest News

මියන්මාරයේ වසර 05කට පසුව පැවැත්වෙන පළමු මහ මැතිවරණය අදයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරයේ වසර 05කට පසුව පැවැත්වෙන පළමු මහ මැතිවරණය අද (28) පැවැත්වීමට නියමිතයි.

හමුදා පාලනය යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වීම විශේෂත්වයක්.

මැතිවරණයේ පළමු අදියර අද (28) පැවැත්වෙන අතර දෙවන අදියර ජනවාරි 11 වනදින හා තුන්වන අදිරය ජනවාරි 25 වන දින පැවැත්වීමට නියමිතයි.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පැමිණීමක් ලෙසයි හමුදා පාලනය මෙම මැතිවරණය හදුන්වන්නේ.

2021 වසරේ දී කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ පාලන බලය හමුදාව තමන් සතු කර ගත් අතර ඉන් අනතුරුව පැවැත්වෙන පළමු මැතිවරණය ද මෙයයි.

කෙසේ වුවද මේ හරහා එරට බිඳ වැටුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැගීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම හමුදා පාලනයට එරෙහිව එරට හටගෙන ඇති සිවිල් යුද්ධය ද අවසන් වනු ඇති බවට ඔවුන් මත පළකරයි.

World News

Send your contact Details Today