Latest News

අමෙරිකාවෙන්, බංග්ලාදේශයට අනතුරු ඇඟවීමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපද නීති සම්පාදකයින් පිරිසක් විසින් බංග්ලාදේශ අන්තර්කාලීන රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අඛණ්ඩ නොසන්සුන්තා මධ්‍යයේ දේශපාලන පක්ෂ අත්හිටුවීම ආදී කරුණු හේතුවෙන් පැවැත්වීමට නියමිත මැතිවරණවල විශ්වසනීයත්වය අනතුරේ හෙලිය හැකි බවට සඳහන් කරමින්.

ඔවුන් පෙන්වාදී ඇත්තේ බංග්ලාදේශය සාධාරණ ඡන්දයක් වෙත යායුතු බවයි.

ඒ මුහම්මද් යූනුස් පෙබරවාරි 12 වන දින මහ මැතිවරණයක් පැවැත්වීමට තම කැපවීම නැවත තහවුරු කිරීමෙන් පසුවයි.

එමෙන්ම බංග්ලාදේශ ජනතාවගේ හඬ ඡන්ද පෙට්ටිය හරහා සාමකාමීව ප්‍රකාශ කිරීමට ඉඩ සලසන නිදහස් හා සාධාරණ මැතිවරණයක් අත්‍යවශ්‍ය බවද අමෙරිකා එක්සත් ජනපද නීති සම්පාදකයින් පවසයි.

රජය දේශපාලන පක්ෂ අත්හිටුවුවහොත් හෝ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව ලෙස ඔවුන් පැහැදිළි කළ දේ නැවත ආරම්භ කළහොත් මෙම ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇතැයි නීති සම්පාදකයින් අනතුරු අඟවා ඇත.

World News

Send your contact Details Today